
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් අට දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (11) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව, වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත පුද්ගලයන් ගණන 240 කි.
එම මරණ 8 න් එක් මරණය බැගින් ඉකුත් 6 වැනිදා සහ 7 වැනිදාද, මරණ 2 ක් 8 වැනිදාද, මරණ 3 ක් 10 වැනිදාද, සෙසු මරණය අද දිනයේද (11) සිදුවී තිබේ.



