
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (01) තහවුරු කළේය.
ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සමස්ත මරණ සංඛ්‍යාව 323 ක් දක්වා ඉහළ ගියේය.
මියගිය පිරිස අතර පිරිමි 5 දෙනෙක් සහ කාන්තාවෝ දෙදෙනෙක් වෙති.


