
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය.
ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සමස්ත මරණ සංඛ්‍යාව 276 ක් දක්වා ඉහළ ගියේය.
මියගොස් ඇත්තේ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් සහ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.


