
කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනකු අද (10) දිනය තුළදී මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක් සහ වැලිගම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් අද දිනයේදී මියගොස් තිබේ.
මෙම මරණ 2 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 146 ක් දක්වා ඉහළ ගිය බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.


