
කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනකු අද (30) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ගලහ ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ අටලුගම ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි කාන්තාවක් අද මිය ගිය දෙදෙනා අතර වෙති.
මෙම මරණ 2 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 118 ක් දක්වා ඉහළ ගිය බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.


