තවත් කොටි සැකකරුවන් 8කට ඇප


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි තවත් කොටි සැකකරුවන් 8 දෙනකු රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප මත නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද නියෝග කළාය.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ නීතිඥ අසාද් නවාවි ඇප ඉල්ලීම් ඉදිරිපත් කෙළේය.

කනලිංගම් බවනන්දම්, ස්කන්ධරාජා, මනික්කාවේ කණ්ඩාලයන්, කුලශංකර්, කන්දයියා කරුණානන්දි, පුවිධරන්, යෝහානන්දන් සහ සුවින්ද්‍රන් යන සැකකරුවෝ එසේ නිදහස් කරනු ලැබූහ.