තවත් 500 කට සෞදියෙන් වීසා


සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ 7  වැනි දා පැවැති තානාපති ජංගම සේවය ත මගින්  තවත් ශ්‍රී ලංකික අවතැන්වුවන් 500කට පමණ තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කැරිණි.

 සෞදි අරාබියේ කම්කරු අමාත්‍යංශය  මගින් ලබා දී ඇති පොදු සමා කාලයට අනුව සෞදි අරාබියේ රැදී සිටින සියළු විදේශිකයින්  ජුලී මස 03 වැනිදාට පෙර මෙරටින් පිටත් විය යුතු  බැවින් රියාද්  පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා  ජෙඩා කොන්සියුලර්  කාර්යාලය මගින් විවිධ  ප්‍රදේශවල මේ වන විට ජංගම සේවාවන් රැසක් පවත්වමින්  ශ්‍රී ලාංකිකයින් හාරදහසකට පමණ තාවකාලික බලපත්‍ර  නිකුත් කැර ඇති අතර ඊට සමගාමීව  මෙම  ජංගම සේවය  දමාම් අල් කොබාර්  හි යෝජිත ශ්‍රී ලංකා  ජාත්‍යන්තර  පාසැලේදී  පැවැති ජංගම සේවය සදහා දෙදහසකට අධික පිරිසක් පැමිණ සිටි අතර  තාවකාලික ගමන් ලියැවිලි ලබා ගත්  අයගේ ප්‍රමාණය 500 කට අධික විය.අලුත් ගමන් බලපත්‍ර  ඉල්ලුම් කළ අයද බොහෝය .

 අවතැන්ව  ගමන් ලියැවිලි  ලබා ගත් කාන්තාවන් 100 ක් පමන ජංගම සේවාවට පැමිණ සිටි අතර  ඒ සිගලුම කාන්තාවන්  පිටවීමේ වීසා  ලබා ගැනීම සදහා  නයිටි වන් ආගම විගමන කාර්යාලයට යැවු බව නැගෙනහිර පළාත සභ සාධන කටයුතු මෙහෙයවන  චාලි තලයරතන මහතා කියයි.

 කෙසේ වුවද  තාවකාලික ගමන් බලපත්‍ර ලබා ගත්  නැගෙනහිර කලාපයේ  රැකියාව කරමින් සිටි  සියළුම ශ්‍රී ලාංකිකයින්  සදහා පිටවීමේ වීසා  මේ වන විට  ආගමන විගමන කාර්යාලය මගින් නිකුත් කරනු ලබයි. මෙම තානාපති ජංගම සේවය සදහා  සෞදි අරාබියේ  නව තානාපති වඩිවේල් ක්‍රිෂ්ණමුර්ත්‍රී  මහතාද සහය වු අතර එතුමාගේ උපදෙස් පරිදි  මෙම මස 14 වැනිදා  ඇස්ටුන් රෝහල අසල යෝජිත නව ශ්‍රී ලංකා  ජාත්‍යන්තර  පාසලේදී පැවැත්විමට කටයුතු කරන බැවින්  තවමත් තාවකාලික ගමන් බලපත්‍ර ලබා ගත්  අවතැන් වු  ශ්‍රී ලාංකිකයින් එදිනට පැමිණෙන ලෙස බලධාරීන් කියයි.