රුපියල් දස ලක්ෂ හතලිස්පන්දහසක් වටිනා රන් බිස්කට් 02 ක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බල යාමට පැමිනි ශ‍්‍රී ලංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු මට්ටක්කුලිය ප‍්‍රදේශයේ පදිංචි ප‍්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු බව රේගුව කියයි.
අත්අඩංගුවට ගනු ලැබූ රන් බිස්කට් දෙකෙහි බර ග‍්‍රැම් දෙසිය නවයකි.
සැකකරුගේ ගමන් විලාශය පිළිබඳව සහකාර රේගු අධිකාරී එච්.ඒ.ඞී.ඞී දේවන්ත මහතාට ඇතිවූ සැකයක් මත පරීක්ෂා කිරීමේදී මෙම රන් බිස්කට් දෙක සොයාගෙන ඇත.
ඔහු ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 123 දරන ගුවන්යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.
මේ පිළිබඳ රේගු පරීක්ෂනය සිදුකල නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක මහින්ද කල්පගේ මහතා විසින් සැකකරුට රුපියල් පනස් දහසක දඩයක් නියම කළ අතර එම රන් බිස්කට් දෙක රාජ සන්තක කළේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක මහින්ද කල්පගේ මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අදිකාරී රංජිත් ද අල්විස් මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන අසංක ප්‍රියදර්ශන, ජී.කේ.එන් පෙරේරා, ඩබ්ලිව්.එල්.ඞී.ආර් දි අල්විස්, ටී.ඒ.ඞී.පී පෙරේරා, එච්.ඒ.ඞී.ඞී දේවන්ත, ඞී.එම්.පී ප‍්‍රනාන්දු, ආර්.සී.ඞී ගම්ලත්, ඒ. ඥානමොහාන් යන නිලධාරීන් විසින් සිදු කරනු ලැබීය.

