තව සිසුවෙක් මැරතන් තරඟෙදි මරුට


කුලියාපිටියේ යොවුන් සේනාංකයේ මැරතන් තරඟයකට සහභාගී වෙමින් සිටි  ලක්ෂිත මධුෂාන් (16 ) සිසුවා කුලියාපිටිය වැවගම දී පාරේ වැටී මිය ගිය බව කියයි.

ඔහු පන්නල උඩුගම වඩුමුන්නේගෙදර පදිංචිකරුවෙකි.

මීට කළින් පාසල් ශිෂ්‍යාවක මේ අයුරින් මිය ගියාය. ඉන්පසු තරඟවලට සහභාගී වීමට පෙර සිසුන් යෝග්‍යතා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙස මහින්ද රාජපක්ෂ ජනපති නියෝග කළේය.