හත් වැනිදා මුහුදු ගොස් අතුරුදන්වූ ධීවරයකුගේ සිරුරක් අද බම්බලපිටිය මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ බව පොලිසිය කියයි.
ඔහු දෙහිවල ඕබන් පෙදෙසේ සිල්ලප්පෙරුමගේ අජිත් සිල්වා බව ඔහුගේ ඥාතීහු කියති.
එදින මුහුදු ගිය ධීවරයන් 42 දෙනකු මිය ගොස් තිස් දෙනකු පමණ ආගිය අතක් නැතැයි ආපදා නිලධරයෝ කියති.