තව ලාංකිකයෙක් ලංකාවේ නම කයි


ඉතාලියේ කතානියා නගරයේ පසුගිය දිනෙක සවස ආක්‍රමණික ලෙස හැසිරෙමින් පාරේ ගිය මගීන් දෙසට, පදික වේදිකාවට සහ රථවාහන දෙසට වීදුරු බෝතල්වලින් දමාගැසු බව කියන ශ්‍රී ලාංකිකයකු එහි පැමිණි පොලීසියට ද පොලීසියටද, ගිලන්රථ සේවකයන්ටද  බැනවැදී  අතින් පයින් පහරදීමට උත්සහ දරා ඇතැයි ඉතාලි පොලීසිය කියයි.

කෙසේ හෝ ලාංකිකයාව මෙල්ල කර පොලිස් භාරයට ගනු ලැබීය.ඔහු උසාවියට ඉදිරිපත් කිරීමට  නියමිතය.

ඔහුට  වාස බලපතක් හෝ  වාසය කිරීමට තැනක් හෝ නැතැයි ද පොලීසිය කියයි.