තව පොඩ්ඩෙන් යාලුවා අලි අමාරුවේ


ඉතාලියේ වෙරෝනා නගරයේ පදිංචි ශ්‍රි ලාංකිකයෙකු පසුගියදා හදිසියේ මව්බිමට ගියේය. දින කිහිපයකට පමනක් ගිය බැවින් ඔහු අත එතරම් මුදලක් නොවීය.

එබැවින් තම හොදම මිතුරාගේ යුරෝ 10500 ක රුපියල්(1921500 ) මුදල රැගෙන ගොස් ගුවන් තොටුපළේදී මිතුරාගේ ඥාතින්ට බාරදිමට පොරොන්දු විය. එත් සමග මිතුරා ඉල්ලා සිටියේ අසනිප තත්වයේ පසුවන තම පියාගේ ඇගට ගුණදායි කුඩා කව්මිල්ලා පෙට්ටියද (රණවරා මල් වැනි ශාක සාරයෙන් ඉතාලියේ නිෂ්පාදිත ඖෂධීය  පානයකි) ඥාතින්ට ලබා දෙන ලෙසයි.

ගුවන් තොටුපලේදී යම් බර ප්‍රමාණයක් වැඩි වු නිසා  බෑගයෙන් බෑගයට බඩු මාරු කිරිමට සිදු විමෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණි මිතුරාගේ ඥාතින්ට මුදල් හැර කව්මිල්ලා පෙට්ටිය දිමට ඔහුට නොහැකි විය.

එහෙත් ඔවුන් බලකර සිටියේ කෙසේ හෝ එය සොයා දෙන ලෙසයි. තමා පදිංචි නිවසට මිතුරාගේ නිවසේ සිට එතරම් දුරක් නැති බැවින් ගෙදර ගොස් නිදහසේ එය සොයා ගත හෑකි බෑවින් කව්මිල්ලා පෙට්ටිය රෑගෙන යෑමට පසුදින පෑමිණෙන ලෙස ඔහු මිතුරාගේ ඥාතින්ට පවසා තිබේ.

එහෙත් නිවසට ගිය මිතුරාගේ ඥාතින් කිහිප විටක් දුරකථන ඈමතුම් දෙමින් කව්මිල්ලා පෙට්ටිය සොයා ගත්තේද එසේ නම් එය රෑගෙන යෑමට එන්නදෑයි එදිනම අසා ඈත.

යුරෝ හතරක් වන කව්මිල්ලා පෙට්ටියකට මෙතරම් කෑදරකමක් ඇයි දැයි සිතු ඔහුට ඒ පිලිබදව සැකයක් ඇතිවිය. ඒ සැකය මත ඔහු පෙට්ටිය ඇර බැලීය. එත් සමග දුරකථන ඇමතුමක් දී තම හොදම මිතුරාගේ සහෝදරයාට කියා සිටියේ තාත්තාගේ ඇග නිවිම සදහා ඉතාලියෙන් එව් කව්මිල්ලා පෙට්ටිය ලැබුණු බවත් එය රෑගෙන යෑමට පැමිණෙන ලෙසත්ය.  

සහොදරයා සමග මිතුරාගේ ඥාතින් පිරිසක්ද ඒත් සමග ඔහුගේ නිවසට පෑමිණෙයි. කව්මිල්ලා පෙට්ටිය අරින ඔහු ඒ තුල සගවා එවා තිබු යුරෝ නොට්ටු එකින් එක එලියට අදින්න විය. යුරෝ 22000 (රුපියල් 4026000 )ක මුදලක් ඉතාලියේ සිටින තම හොදම මිතුරා විසින් ලංකාවට පෑමිණි මිතුරා අත ඔහුටද නොදන්වා කව්මිල්ලා පෙට්ටියට දමා එවා තිබිණි.