කොළඹ සිට බදුල්ල බලා ධාවනය වු ලංගම බසයක් අද (28) අලුයම 4.50 ට පමණ බණ්ඩාරවෙළ කොළතැන්නේදී දුම්රිය හරස් පාරේ ගමන් කළේය. තිරිංග කැඩීම නිසා බසය දුමිරිය පාරට හැරවීමට හැර කළ හැකි අන් දෙයක් නොවී යැයි රියදුරු කියයි. මීට පෙරද බසයක් මේ විදියට දුමිරිය පාරේ ගමන් කළේය. තව පැය භාගයකින් දුම්රියක් ගමන් කිරීමට ද නියමිතව තිබිණි. බසයේ 46 දෙනෙක් සිටියහ.

