අංකය නැති ට්‍රැක්ටරයක් යොදා ගනිමින් උතුරු විල්පත්තුවේ අභයභූමියට අනවසරයෙන් ඇතුළු වු පිරිසක් අක්කර හතරක් පමණ එළිපෙහෙළි කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව විල්පත්තු ජාතික වනෝද්‍යානයයේ හදිසි වැටලීම් ඒකකය කියයි.
අත්අඩංගුවට නොගත් එම ට්‍රැක්ටරය ප්‍රාදේශිය සභාවකට අයත් දැයි සැකයක් පවතින බව වන නිලධරයෝ පවසති.
නීතී විරෝධි ලෙස වනෝද්‍යානය එළි කරමින් සිටි පිරිසක් පැන ගිය බවද ඔවුහු කියති.
පසුගිය මාර්තු මාසයේදීද රජයේ ඇමැතිවරයකුගේ අනුබලය මත සියයකට ආසන්න පිරිසක් එහි පොල්අතු මඩු තනා උතුරු විල්පත්තුවේ පදිංචි වුහ.
ඔහුනට එරෙහිව මන්නාරම අධිකරණයේ නඩු පවරා ඇත.

