තව නඩු පෝලිමට එනවා


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

සීනි බදු සුදුලුණු සහල් සහ කිරි හරක් ඇතුලු තව වංචා නඩු ඉදිරියට එන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා  පාර්ලිමේන්තුවේදී අද (4)  පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ දූෂණ විරෝධී පනතේ  රෙගුලාසි පිළිබඳ විවාදයේදීය.

සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේද පැවසීය.

සීනි බදු වංචාව තියෙනවා. කළා. මම පැමිණිල්ල කළේ. අපි අතාරින්නෙ නෑ.  නඩුව ගෙනියනවා. සුදුලුණු වංචාව තියෙනවා. කළා. සතොස හාල් ගෙනල්ලා ගුල්ලො ගහලා කියලා දොර ළඟ තියලා බියර් කොම්පැනි වලට වික්කා. සතොස  සහල් අඩු ගාණට විකුණලා ආපහු සතොසට   දුන්නා. කිරි හරක් ගෙනාවා.  ඩොලර් වලින් ගැහුවා.  සමහරැ අධිවේගී මාර්ගවලින් ගැහුවා. ආයුර්වේද   සංස්ථාවේ රාජ්‍ය නිලධාරීන්  රාජිතගේ  ගෙදර වැඩ කළා.