(අංජුල මහික වීරරත්න)
මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක තුනේ වගා හානි පරීක්ෂා කටයුතු මෙම 29 වැනිදා අවසන් කරන බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි.
මේ වන විට පොලොන්නරුව, වවුනියාව, මුලතිව්, මන්නාරම යන දිස්ත්‍රික්ක වල වගා හානි පරීක්ෂාව අවසන් වී ඇති අතර එම දිස්ත්‍රික්ක වලට අදාල අවසන් වාර්තා ලද පසුව වන්දි ගෙවීමට කටයුතු කරන බව එම මණ්ඩලය කියයි.
2024 නොවැම්බර් මස ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් වගා හානි සිදු වූ වගාවන් පරීක්ෂා කිරීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහයෙන්, ගොවි සංවිධාන වල සහභාගීත්වයෙන් සිදු වේ.
අනුරාධපුරය, කුරුණෑගල, මාතලේ දිස්ත්‍රික්ක වල වගා හානි පරීක්ෂාව දෙසැම්බර් මස 30 වන විට අවසන් කිරීමට කටයුතු යොදා ඇතැයි ද ගොවි ජන රක්ෂණ මණ්ඩලය කියයි.