තව තිදෙනෙක් රිමාන්ඩ්


අනුරාධපුර රාත්‍රී සමාජ ශාලා හිමිකරු වසන්ත සොයිසා ඝාතනය කිරිමේ සිද්ධිය සමිබන්ධයෙන් අනුරාධපුර පොලිසියට බාර වූ තවත් සැකකරුවෝ තිදෙනෙක් ලබන 9 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උමේෂ් ශානක කලංසූරිය මහතා අද (4) නියෝග කළේය.

කැබිතිගොල්ලෑවේ ජී.ඒ.රවිනාත් අබේරත්න, පදවිය පාර ඩබ්.එච්.දීපික සුරාජ් මධුසංක ද සිල්වා සහ සහ අනුරාධපු දේවානම්පියතිස්සපුර  එම්.ජී.නාමල් විමුක්ති දිසානායක ඔවුහුය.

තවත් සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගැනිමට සිටින බව පොලිසිය අධිකරණයට දැන්වීය.