තව තවත් සීසීටීවී දර්ශන හොයයි


බම්බලපිටියේ සුලෙයිමාන් ව්‍යාපාරිකයාගේ ඝාතනය ගැන සොයන රහස් පොලිසිය කොළඹ සිට මාවනැල්ල දක්වා වන සීසීටීවී කැමරා පරීක්ෂා කිරීම අද ඇරැඹීය.

මීට පෙර ඔවුහු කොළඹ බම්බලපිටිය හා තදාසන්න පෙදෙස්හි සීසීටීවී කැමරා පිරික්සූහ.

ව්‍යාපාරිකයාගේ පියාගෙන් කප්පම් ඉල්ලා කෑගල්ලෙන් දුරකථන පණිවිඩයක් දුන් පුද්ගලයා නිවැරදිව හඳුනාගැනීමටද පොලිසිය වෙහෙසෙයි. පොලිසිය අට දෙනකුගෙන් ප්‍රශ්න කර ඇති අතර සැකය දැඩි ලෙස එක් පුද්ගලයකුට එල්ලවී ඇතැයි දැනගන්නට ඇත.