අද පස්වරු 2.10 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් චීනයේ ෂැංහායි බලා පිටත් වු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 866 දරණ ගුවන් යානයේ මතු වු තාක්ෂණික දෝෂයක් මත යානය ආපසු හරවාගෙන යළි පස්වරු 2.50 ට කටුනායකට පැමිණි බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසුවේය.
එහි මගීන් 165 ක් හා කාර්ය මණ්ඩලය 15 දෙනකු සිටි බවත් ඔහු කීවේය.
යානය පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශයට යොමුකර ඇති බවත් මගීන් වෙනත් ගුවන් යානයක් යොදවා යළි චීනයේ ෂැංහායි බලා පිටත් කර යැවු බවත් ඔහු කීවේය.

