තව කතුවරයෙක් කළුරිය කරයි


සිළුමිණ හා නවෝදය පත්‍රයේ හිටපු කර්තෘවරයකු වූ සුජීව දිසානායක   මහතා අභාවප්‍රාප්ත විය.

වාමාංශික පුවත්පත්වලින් පත්‍ර කලාවට පිවිසි ඔහු ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදියෙක් විය.

පරිවර්තකයකු ද වූ ඔහු මෑතදී පරිවර්තන කිහිපයක් ද එළි දැක්වීය.

ලංකාදීප පත්‍රය කොටුව ටියිම්ස් මන්දිරයේ පැවැති සමයේ එහි විශේෂංග කර්තෘ  ධර්මසිරි ජයකොඩි මහතාගේ සහොදරියකගේ පුතකු වූ ඔහු මිය යන විට 55 වැනි වියේ පසු විය.