තව අලි පැටවකු හොරකම් කිරීම වරදියි


‍උඩවළව ජාතික වනෝද්‍යානයේ උපන් බව කියන මාස  දහයක් පමණ වයසැති  අලි පැටියකු වනෝද්‍යානයට යාබද හම්බෙගමුව ජනපදයයේ දාහත ප‍්‍රදේශයේ කැලෑවක ගසක බැඳ සිටිය දී සොයාගත් බව කල්තොට අඩවි ආරක්‍ෂක නිලධාරීහු කියති.

අඩි දෙකක් පමණ උසැති  අලි පැටවා බැඳ දමා දින   තුනක් පමණ  වෙතැයි කල්තොට අඩවි ආරක්‍ෂක ගාමිණී දිසානායක මහතා  කියයි.

  උඩවළව ඇත්අතුරු සෙවනේ පශු වෛද්‍ය විජිත පෙරේරා මහතා ද එහි ගොස් අලි පැටියා පරීක්‍ෂාකර   ඇත්අතුරු සෙවනට ගෙන ඒමට ක‍්‍රියා කළේය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හම්බෙගමුව පොලීසිය පරීක්ෂණ සිදු කරයි.  

අලි පැටවා බැඳ තබන්නට ඇත්තේ කිසිවෙකුට විකිණීමට විය හැකි බවට වනජීවි බලධාරිහු සැකකරති.   

මීට වසර කිහිපයකට පෙරද උඩවළව ජාතික වනෝද්‍යානයේ අලි පැටියෙක් පැහැරගෙන යාමට ගත් උත්සහයක් ගල්පාය ප‍්‍රදේශවාසීහු සහ වනජීවී නිලධාරීහු එක්ව වැළැක්වූහ.

a

sdsdsdsd