තව අලි දෙන්නෙක් ඇල්ලෙති


පැල්මඩුල්ලේ ව්‍යාපාරිකයකුගේ නිවසකින් බලපත්‍ර නොමැති අලි පැටවකු සොයාගත් බව වනජීවී වැටලීම් අංශය කියයි.

වයස අවුරුදු තුන හමාරක් පමණ වන මෙම අලි පැටවා වන ජීවී භාරයට ගෙන ඇති අතර ව්‍යාපාරිකයා අත් අඩංගුවට ගත් බවද වනජීවී නිලධරයෝ කියති.

මේ අතර මහරගම පුවක්පිටිය විහාරස්ථානයේ සිටි අලියකු පරීක්ෂාවට ලක් කළ වනජීවී නිලධරයෝ 2002 දී ලබාගත් බලපත්‍රය අනුව වසර 3ක් ලෙස සඳහන්ව ඇතත් මේවන විට අලියාගේ උස සමග එම වයස නොගැලපෙන බව කියති.

පන්සල හා අනෙකුත් දේපළ සම්බන්ධව අධිකරණයේ නඩුවක් ගොනුකර ඇති බැවින් අලියා අත් අඩංගුවට ගත නොහැකි බවත් ලබන සඳුදා නුගේගොඩ අධිකරණයට ඒ සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කරන බවත් ඔවුහු කියති.

eleph-1 eleph-2(1)