තව අක්කර 700 කින් හමුදාව යයි


වසර 25 කට පසුව ජාතික ආරක්ෂාව සඳහා යුධ හමුදාව යටතේ පැවති අක්කර 700 කට වැඩි ප්‍රමාණයක් යාපනයේ මුල් පදිංචිකරුවන් වෙතට ලබන තයිපොන්ගල් දිනට පෙර (ජනවාරි 15) ලබා දීමට රජය පියවර ගෙන ඇති බව යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා පැවසීය.

යාපනය උතුරු වලිකාමම්හි එම ඉඩම් පරික්ෂා කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ නැවත පදිංචි කිරීම් අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් පදිංචි කරුවන් සමග පැමිණි අවස්ථාවේ දිසාපති එසේ කීවේය.

යුද්ධයට පෙර පවුල් තුන්සීයක් පමණ ජීවත් වූ මේ ඉඩම් යලි මැන මායිම් ගල් දමන බවත් දිසාපති කීවේය.

01 02 03 04 05 06 07 08 09 10 11