තව 31ක් නෙරැපෙති


ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් සහ කොකෝස් දූපත්වලින් පිටුවහල් කැරුණු තවත් ශ්‍රී ලාංකිකයෝ 31 දෙනෙක් විශේෂ ගුවන්යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් යලි දිවයිනට ගෙන එනු ලැබූහ. ඔවුන් ත්‍රිකුණාමලය, මාතර, පුත්තලම සහ මීගමුව යන ප්‍රදේශවල පදිංචි සිංහල තරුණයින් බවත්, දකුණු සහ මීගමු මුහුදු තීරයෙන් බෝට්ටු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ දැරූ බවත් කියති. ඔවුන් රහස් පොලීසියට බාර දීමට නියමිතය.