හබරාදුව තල්පේ ලංකාදිප අලෙවි නියෝජිත වේරදූවගේ සුමිත් ප්‍රියන්ත (45) මහතා පැරණි සෙක්කුගලක් යොදාගෙන යළි පැරණි ක්‍රමයට පොල්තෙල් සෑදීම ආරම්භ කළේය. කෝන් ගසක කදකින් සාදා ගත් මෝල් ගසක් සෙක්කු ගලට සවිකොට එය හරකෙක් යොදා කැරකැවිය හැකි අයුරින් සැකසූ ප්‍රියන්ත මහතා දැන් කොප්පරා යොදාගෙන පොල් තෙල් සාදා ගනී. ඔහු පවසන්නේ පාසල් ළමුන්ට සහ විදේශිකයන්ට දැකගැනීම සදහා මේ සෙක්කුව සැකසූ බවයි. 20 වැනි සියවසේ මුල් කාලය දක්වාම දකුණේ බොහෝ නිවෙස් වල විවිධ ප්‍රමාණයේ සෙක්කු පැවතිණි. දැන් ඒවා කෞතුක භාණ්ඩ එකතු කරන්නන්ගේ ගබඩාවලට සහ හෝටල් උද්‍යානවලට ගෙනගොස් ඇත. තෙල් මෝල් බිහිවීමත් සමග සෙක්කුවෙන් තෙල් සිදීම නැවතිණි.