තලවකැලේ මැයි වේදිකාවක් කඩා වැටෙයි


කඳුරට ජනතා පෙරමුණේ මැයි දින රැලිය අවසාන භාගයේ දී  පක්ෂ නායකයිනට මල්මාලා දැමීම සඳහා වේදිකාව මතට පක්ෂ සාමාජිකයන් විශාල පිරිසක් ගොඩවීම නිසා වේදිකාව කඩා වැටුණ ද  ඉන් කිසිවකුටත් අනතුරක්  සිදුනොවූ බව පක්ෂ ආරංචි.

තලවාකැලේ තේ පර්යේෂණ ආයතන ක්‍රීඩාංගනයේ මෙම රැස්වීම පැවැති අතර එයට නාමල් රාජපක්ෂ මහතා ද සහාභාගී විය.  වේදිකාව කඩා වැටෙන අවස්ථාවේ ඔහු එහි නොසිටියේය. පක්ෂ නායිකා ශාන්තිනි චන්ද්‍රසේකරන්, දේශපාලන අංශ නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් ඇතුළු පක්ෂ නායකයෝ රැසක් වේදිකාව කඩා වැටෙන අවස්ථාවේ එහි සිටියහ.