තලතාත් දුකට පත්වේ : එසැණට තුති පුදයි


සෞදි අරාබියේ නැගෙනහිර දමාම්හි සිරියා ජාතික හාම්පුතාට වසර 12ක් වහල් මෙහෙවරේ යෙදුණ කැකිරා කතගේ කතාව ලංකාදීප එසැණින් දුටු විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය එසැණට පැවසුවේ ඇය ඉක්මණින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ක්‍රියා කරන බවයි.

දනවතී මහත්මියට හිමි විය යුතු වැටුප්වලින් අඩක් දැනටම ලබාගෙන ඇතැයි ද, ඉතිරි මුදල් ලබා ගන්නා බව ද ඇය කියන්නීය.

ලංකාදීප වෙබ්අඩවිට හා ලංකාදීප පත්‍රයටත් සෞදිඅරාබියේ එසැණ මාධ්‍යවේදී ලලිත් ප්‍රේමලාල් හා එහි දඹුල්ලේ කාංචන කුමාර ආරියදාසගේ මාධ්‍ය මෙහෙවර ගැන ඇමැතිනිය දැඩි ලෙස ප්‍රසංශාව පළ කළාය.