පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු පරීක්ෂක කැකිරාවේ රොහාන් තුසිත කුමාරසිංහගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ යටපත් කිරීමට නිමාලි කරුණාරත්න නම් ධනවත් කතකගෙන් රුපියල් කෝටියකට වැඩි අල්ලස් ගත්තැයි තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් පෙරේරා, අපරාධ අංශයේ ස්ථානාධිපති පීකේ කොඩිතුවක්කු, පොලිස් සැරයන් පුෂ්පකුමාර සහ පොලිස් කොස්තාපල් නවරත්න ලබන 05 වැනි දා තෙක් කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසියේ 30 දෙනකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.
මේ සිද්ධියට සම්බන්ධ සටහන් තලංගම පොලිසියෙන් අස්ථාන ගත වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය මහේස්ත්‍රාත්ට දැනුම් දුන්නේය.
පොලිස් සැකකරුවනට ඇප ඉල්ලමින් ඔවුන්ගේ නීතීඥවරු කරුණු දැක්වූහ.
සැකකරුවන් සක්‍රීය සේවයේ යෙදී සිටියදී අපරාධයට සම්බන්ධ වී ඇති බව පෙනෙන හෙයින් ඔවුනට ඇපදුනහොත් මහජන කැළඹීමක් ඇතිවීමට ඉඩ ඇති බවත්, සාක්කිකරුවන්ට ද බලපෑමක් ඇතිවිය හැකි බවත් පැවසූ මහේස්ත්‍රාත් ඇප ප්‍රතික්ෂේප කළේය.
හිටපු පොලිස් පරීක්ෂක පැහැරගෙන ගොස් කිතුල්ගල දී ඝාතනය කළැයි සැකපිට නිමාලි කරුණාරත්න, ඇගේ රියදුරු ඇතුළු හය දෙනා ලබන 29 තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
නිමාලි කරුණාරත්න පුවත්පත් වාර්තාකරුවන්ගෙන් සඟවා බන්ධනාගාර රියට රැගෙන ගිය ආකාරයත් ඇගේ ඡායාරූප ගැනීම වැලැක්වීමට ඇතැම් නිලධරයන් ගත් උත්සාහය කැපී පෙනිණි.
නිමාලි වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කියා සිටියේ ඇගේ ව්‍යාපාර බිඳ වැටීමට ඉඩ ඇති බවයි. ඈ වෙනුවෙන් චෙක්පත්වලට ඇගේ මවට අත්සන් කිරීම සඳහා ඇටර්නි බලපත්‍රයක් නිකුත් කරන ලෙස කළ ඉල්ලීමට උසාවියේ අවසරය ලැබිණි.
දියවැඩියාවෙන්, තයිරොයිඩ් ග්‍රන්තියේ ආබාධයකින් හා හදවත් ලෙඩකින් පෙළෙන නිමාලි විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කරන ලෙස අවසර ඉල්ලූ අවස්ථාවේ මහේස්ත්‍රාත් බන්ධනාගාර වෛද්‍යවරයා මගින් ඒ කාරිය කර ගැනීමට පියවර ගන්නා ලෙසයි.