තලංගම ක්‍රයිම් ඕඅයිසී ආගිය අතක් නෑ


තලංගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති   උප පොලිස් පරීක්ෂක සපුමල් ඒකනායක මහතා පෙරදින සිට ආගිය අතක් නැතැයි පොලිස් ආරංචි කියයි.

තලංගම කොස්වත්තේ ගෙවල් බිඳීමක් සම්බන්ධ පැමිණිල්ලකට බ්‍රහස්පතින්දා (27) උදේ එම උප පොලිස් පරීක්ෂකවරයා ගොස් ඇති බවත්, ඉන් පසු නැවත පොලිසියට පැමිණ පෙර ගිය නිවසටම ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

එම නිවසට ආ උප පොලිස් පරීක්ෂකගේ මිතුරකුගේ බව කියන වෑන් රියක නැගී උප පොලිස් පරීක්ෂකවරයා පිටව ගිය බව නිවැසියන් පොලිසියට කියා ඇත.

එලෙස පිටව ගිය බව කියන උප පොලිස් පරීක්ෂක සිකුරාදා (27) සවය හය පමණ වන තෙක් ආගිය අතක් නැතැයි ද, පොළොන්නරුවේ ඔහුගේ නිවසට ගොස් ඇත්දැයි පරීක්ෂා කළත් එහි ද ගොස් නැතැයි ද පොලිසිය කියයි.

pizap.com14274607422293