පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් පරීක්ෂක රොහාන් තුසිත කුමාරසිංහ ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින තලංගම නිමාලි කරුණාරත්න නම් ධනවත් කත හැර සෙසු සැකකරුවන් පස් දෙනා අද හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා නියෝග කළේය.
තුසිත කුමාරසිංහ ධනවත් කතගේ අනියම් සැමියා වී යැයි ද, සිරුර කිතුල්ගල දී සොයාගෙන නාඳුනන අයකුගේ සිරුරක් ලෙස රජයේ වියදමින් මිහිදන් කළේයැයි ද පොලිසිය කියයි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ දී සාක්කිකරුවන් වෙත සැකරුවන් පෙන්වා ඇතැයි ද, ඒ නිසා හදුනාගැනීමේ පෙරට්ටුවක් තැබීම නිෂ්පල යැයි කී සැකකරුවන්ගේ නීතීඥවරු හදුනා ගැනීමේ පෙරට්ටුවක් නොතබන ලෙස ඉල්ලා සිටියහ.
මහේස්ත්‍රාත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

