විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් පරීක්ෂක රොහාන් තුසිත කුමාරසිංහගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ යටපත් කිරීමට කාන්තාවකගෙන් මුදල් ලබා ගත් බවට සැකපිට තලංගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් පෙරේරා, අපරාධ අංශයේ ස්ථානාධිපති පීකේ කොඩිතුවක්කු, පොලිස් සැරයන් පුෂ්පකුමාර සහ පොලිස් කොස්තාපල් නවරත්න සිකුරාදා (21) තෙක් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා නියෝග කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වූයේ පොලිස් ස්ථානාධිපති ඇතුළු පිරිස රුපියල් කෝටියකට අධික මුදලක් එම කාන්තාවගෙන් ලබා ගෙන ඇති බවයි.
පොලිස් ස්ථානාධිපතිගේ ගිණුමට රුපියල් විසි ලක්ෂයක් සහ පොලිස් කොස්තාපල්ගේ ගිණුමට රුපියල් 14 ලක්ෂයක් බැර කර ඇතැයි ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.
(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)

