තලංගම එස්අයිගේ වැඩ තහනම්


නිවාඩුද නොලබා කිසිවකුටත් නොදන්වා දින එක හමාරක් පමණ තලංගම පොලිසියෙන් බැහැරව ගිය බව කියන උප පරීක්ෂක සපුමල් ඒකනායකගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.

27 වැනිදා පොලිසියේ රාජකාරියට ආ ඔහු හිටිගමන් අතුරුදන්වි යැයි කියති. අසනීප වී ප්‍රතිකාර ගැනීමට ගිය බව ඔහු කියා ඇත.