තරුණියගේ බෙල්ලට අමුතු තොණ්ඩුවක් වැටිලා


එංගලන්තයේ බටහිර යෝක්ෂයර්හි කෙබෑබිෂ්හි ආපනශාලාවකදී තරුණියකගේ ඔළුවේ කුණු භාජනයක පියනක් හිරවී එය ගැලවීමට ඇගේ මිතුරන් උත්සාහ කරන ආකාරය ෆේස්බුක් වෙබ් අඩවියේ ප්‍රචාරය කර තිබූ බව ඩේලිමේල් වෙබ් අඩවිය කියයි.

ලයම් ස්ටීල් නමැත්තකු එය වීඩියෝ කර ෆේස්බුක් වෙබ් අඩවියට ඇතුළත් කර ඇති අතර එම වීඩියෝ පටය පුද්ගලයන් 800,000 දෙනකු නරඹා තිබිණි. ඔහු එහි සටහන් කර තිබුණේ පෙරදා රාත්‍රියේ කෙබැෂිෂ් හිදී කෙල්ලක් සිය හිස කුණු භාජනයක පියනේ හිරකරගත් බවයි. ඇගේ පසෙකින් සිටි මිතුරිය වැසිකිළියේදී භාවිතා කරන කඩදාසි පටිවලින් වෙළී සිටියාය.

අවසානයේ ආපන ශාලාවේ සේවකයන් පැමිණ ඇගේ හිසින් එම පියන ඉවත් කර ඇත.

2FA4CFD1002015122828094 2FA4D06D00000578-33720151228678421 2FA4D07D002015122851298604538 2FA4D0070000052015122820614 2FA4D04702015122898678214 2FA4D071000005201512281451298591774