තරුණිය බේරා ගැනිමට ඉදිරිපත් වූ තරුණයාට පිහිපාර


(ඩී.ජී.සුගතපාල)
ගාල්ල නගර මධ්‍යයේදි  අද (29) තරුණියක් පැහැර ගෙන යාමට සූදානම් වූ අවස්ථාවේ ඇය බේරා ගැනීමට ඉදිරිපත්වු තරුණයෙකුට පිහියෙන් ඇන ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

තුවාල ලැබු තරුණයා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්වය බර පතල බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

තරුණිය ගාල්ල නගරයේ වෙළඳ සලක සේවය කරනු ලබන අතර ඇය අද වෙළඳ සලට පැමිණි අවස්ථාවේ ත්‍රි රෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු ඇය පැහැරගෙන යාමට උත්සාහකල අවස්ථාවේ එම වෙළඳසලේම සේවය කරන තරුණයෙකු ඇය බේරා ගැනිමට ඉදිරිපත්ව ඇත. එහිදි  ඔහුට පිහියෙන් ඇන පලා ගොස් තිබේ.

මෙම පැහැර ගැනිමට උත්සාහ කිරීම ප්‍රේම සම්බන්ධයක් මත සිදුව ඇති එකක් බවත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.