
(ගයාන් සූරියආරච්චි)
මුදල් ලබාගෙන මත්කුඩු නොදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත අවුරුදු 20ක තරුණයකුට මන්නයකින් කොටා ඝාතනය කළ සැකකරුවකු ඊයේ (11) අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ වැල්ලම්පිටිය, වදුල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා මීට පෙර වසර 2 කට පෙර පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයකු බවට පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත.
එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන්ද සැකකරු සහ මියගිය පුද්ගලයා අතර අමනාපයක් තිබූ බව පොලිසිය පවසයි.
නවලෝකපුර ප්‍රදේශයේදී එම පුද්ගයන් දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමකදී මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මැද කොළඹ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.ඒ.ආර්. පුෂ්පකුමාර මහතාගේ උපදෙස් පරිදි ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කිත්සිරි කුමාර මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

