තරුණ විද්‍යාඥයෝ දෙදෙනෙක් නාලන්දාවෙන්


ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර පැවති තරුණ විද්‍යාඥයින් සඳහාවූ ඔලිම්පියාඩ් තරඟාවලියෙන් කොළඹ නාලන්ද විද්‍යාලයේ රඛිත මාලේවන සහ රනංජය සුභාෂ් යන සිසුන් දෙදෙනා රන් සම්මාන දෙකක් දිනා ගත්හ.

එච්.අයි.වී ඒඩ්ස් රෝග වෛරසය දාරක සෛල සමග එක්වීම වැලැක්වීමට නැනෝ තාක්ෂණය භාවිතයෙන් සහ ශාක ජාන භාවිතයෙන් ඖෂධයක් නිපදවීම සඳහා විද්‍යාත්මක ක්‍රමයක් රඛිත මාලේවන සිසුවා සොයාගෙන ඇත. රනංජය සුභාෂ් සිසුවා කාබනික ජලයේ ඇති බැර ලෝහ ජීව අවශෝෂණය කිරීමට හැකි මට්ටමට එම ජලයේ ඇති දිලීර උපයේගි කරගත හැකි විද්‍යාත්මක ක්‍රමයක් ඉදිරිපත් කර ඇත.

රටවල් 41 ක් නියෝජනය කරමින් තරඟකරුවන් 183 දෙනකු මීට එක්වී සිටියහ.

web1