තරුණ ව්‍යවසාය සංවත්සරයෙන් මාධ්‍යවේදීන් දොට්ට


(හර්ෂණ තුෂාර සිල්වා)

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ අද (10) සවස පැවැති තරුණ ලාංකේය ව්‍යවසාය මණ්ඩලයේ  සංවත්සරය ආවරණය කිරීමට එහි ගිය විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට උත්සව සංවිධායකයෝ ඒ සඳහා ඉඩ නොදුන්හ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර   මෙම උත්සවය ආවරණය කරන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් මාධ්‍ය ආයතන වෙත ලිඛිතව දන්වා තිබිණි.

 අග්‍රාමාත්‍ය කාර්යාලයේ ආරාධනය මත එහි ගිය මාධ්‍යවේදීන්ට ආසන වෙන් කර නොතිබිණ.   මාධ්‍යවේදීන්ට තමන් ආරාධනා නොකළ බව  තරුණ ලාංකේය ව්‍යවසාය මණ්ඩලයේ සංවත්සරයේ සංවිධායකයෝ පැවැසූහ.

තරුණ ලාංකේය ව්‍යවසාය මණ්ඩලයේ ඉල්ලීමක් මත තමන් මාධ්‍යවේදීන්ට ආරාධනා කළ බව මේ පිළිබඳව කළ විමසීමකදී අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.