(විමුක්ති එස් රුද්‍රිගු)
පශ්චාත් උපාධි වැඩසටහන් සඳහා අවස්ථා ලබා දීම මගින් මෙරට විධායක මට්ටමේ තරුණ රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සංවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වන මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා ජපන් ප්‍රදාන ආධාර වැඩසටහන මෙම වසරේද ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා මෙම වසරේ ජපානය රුපියල් මිලියන 687 ක පමණ මුදලක් වෙන්කර තිබෙන බවත් බවත් මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ජපාන රජය වැඩසටහන සඳහා අරමුදල් සපයන බවත් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් මුදල් අමාත්‍යාංශය පැවැසුවේය. 2010 සිට 2025 වසර දක්වා රාමු 4 ක් යටතේ එම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවත් මේ වනවිට වැඩසටහන යටතේ ශාස්ත්‍රපති උපාධි වැඩසටහන් සඳහා අවස්ථා 240 ක් සහ ආචාර්ය උපාධි වැඩසටහන් සඳහා අවස්ථා 16 ක් ලබාදී තිබෙන බවද මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
මෙම වසරේ වැඩසටහන සඳහා ඊයේ(24) ශ්‍රී ලංකා රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය ප්‍රදාන ගිවිසුමකට අත්සන් තැබූ බවත් එය නිල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික පත්‍ර දෙකක් දෙරටේ රජයන් අතර හුවමාරු වූ බවත් මුදල් අමාත්‍යාංශය පැවැසුවේය.