තරුණ භික්ෂු ගැටළු විසඳන්න රනිල්ගෙන් කමිටුවක්


විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ භික්ෂූන් වහන්සේලාගේත් පොදු තරුණ භික්ෂූන්ගේත් ගැටළු රජයට ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (02දා) කමිටුවක් පත් කළේය.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතාගේ ප්‍රධානත්වයේ මෙම කමිටුව පත්කර තිබේ.

එම කමිටුවට තරුණ භික්ෂූන් වහන්සේලාගේ සහ විශ්වවිද්‍යාල භික්ෂූන් වහන්සේලාගේ ගැටලු ඉදිරිපත් කර සාකච්ඡා කර පසුව රජයට ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

ranil_201622_3656 ranil_201622_3656-2 ranil_201622_36563