තරුණ බොක්සිං කී‍්‍රඩකයන් සඳහා තරගාවලියක් මේ මස 8, 9 සහ 10 දින වල කී‍්‍රඩා අමාත්‍යංශ නව කී‍්‍රඩාගාර බොක්සිං කවයේදී පැවැත්වීමට නියමිතය.
ලූතිනන් ජනරාල් ජගත් ජයසූරිය අභියෝගතා ශූරතාවලිය යනුවෙන් හැඳින්වෙන මෙම තරගාවලිය ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය විසින් සංවිධානය කරනු ලබන අතර තරගාවලිය සඳහා වයස අවුරුදු 17 ත් 18 ත් අතර පාසල් කී‍්‍රඩික කී‍්‍රඩිකාවන්ට සහභාගීවිය හැක.
කී‍්‍රඩකයන් වෙනුවෙන් කි. ග‍්‍රෑ. 45 බර පංතියේ සිට කි. ග‍්‍රෑ. 91 බර පංතිය දක්වා තරග පැවැත්වීමටත්, කී‍්‍රඩිකාවන් වෙනුවෙන් කි. ග‍්‍රෑ. 48 බර පංතියේ සිට කි. ග‍්‍රෑ. 84 බර පංතිය දක්වා තරග පැවැත්වීමටත් සංවිධායක කමිටුව කටයුතු සුදානම් කර තිබේ.
මෙම තරගාවලියේදී කී‍්‍රඩික කී‍්‍රඩිකාවන් දක්වන දක්ෂතා සැලකිල්ලට ගෙන ආසියනු යොවුන් බොක්සිං තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය තොරාගන්නා බව පාසල් බොක්සිං සංගමය පවසයි.