කාලයක සිට අක්‍රියව තිබු මහවිලච්චිය ග්‍රාමීය රෝහලේ ජල පෙරනය රුපියල් 20,000 ක පමණ වියදමක් දරා අලුත්වැඩියා කරදීමට "එකමුතු වෙමු උදවු කරමු" සංවිධානයේ තරුණ පිරිසක් එක්වූහ.
මේ සම්බන්ධයෙන් ලංකාදීප එසැණට තොරතුරු දැන්වූ කුලරත්න රාජපක්ෂ පැවසුවේ බොහෝ කාලයක් මෙම ජල පෙරනය අලුත්වැඩියා කර ගැනීමට නොහැකිවීම නිසා රෝහලේ වැඩට මෙන්ම රෝගීනට පිරිසිදු ජලය ලබාදීම පවා ගැටළුවක්ව පැවැති බවයි. මෙම සත්ක්‍රියාව සඳහා සහභාගිවූ සියලුම දෙනාට ස්තුතිවන්ත වන බව රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.


