
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ 2025 - 2027 ජාතික මණ්ඩලය සඳහා අභිනවයෙන් තේරී පත්වූ සාමාජික සාමාජිකාවන්ට තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයෙන් විශේෂ ඇගයීමක් කළේය.
ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමිව ජාතික තරුණසේවා සභාවේ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ 2025 - 2027 ජාතික මණ්ඩලය සඳහා අභිනවයෙන් තේරී පත්වූ සාමාජිකයෝ 52දෙනා මෙහිදී ඇගයීමට ලක්වූහ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,කථානායක වෛද්‍ය ජගත් වික‍්‍රමරත්න මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.
පාර්ලිමේන්තුවට පැමිණි ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ 2025 - 2027 ජාතික මණ්ඩලය සඳහා අභිනවයෙන් තේරී පත්වූ සාමාජිකයන් ප්‍රථමයෙන් සභාගර්භයේදී කථානායකවරයා විසින් ප්‍රකාශයක් කරමින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව පාර්ලිමේන්තුව නැරඹීමටද තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදය මගින් අවස්ථාව සලසා දෙනු ලැබීය.



