තරු පහේ හෝටලය ළඟදී මන්ත්‍රීට සල්ලි දුන්නා


කොළඹ තරු පහේ හෝටලයක් අසලදී කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයකුට මුදල් දුන් බව වෙළේ සුදා නොහොත් සමන්ත කුමාර පැවසී යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.

පාකිස්තානයේ සිට හෙරොයින් මත්කුඩු ශ්‍රී ලංකාවට එවී යැයි සැකපිට දෙසතියකට පමණ පෙර ඔහු පාකිස්තානයෙන් අත් අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට බාර දුන්නේය. රඳවා ගැනීමේ නියෝග මත ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යයි.

එම මන්ත්‍රීවරයාගේ නමද සඳහන් කරමින් ඔහු පවසා ඇත්තේ අත්පිට මෙන්ම බැංකු ගිණුම්වලින්ද ඔහුට මුදල් දුන් බවයි. වෙළේ සුදාගේ හා මන්ත්‍රීගේ බැංකු ගිණුම්ද සීසීටීවී කැමරාද පරීක්ෂා කරන බවත් මාධ්‍ය ප්‍රකාශක කියයි.

 

වීඩියෝ - සනත් ඩෙස්මන්