කොළඹ කොටුවේ සුපිරි හෝටලයක සේවිකාවකට පානදුර හෝටලයකදී අතවර කිරීම සහ ඊට ආධාර අනුබල දුන්නැයි සැකපිට හෝටල සේවකයන් සිව් දෙනකු ලබන නව වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.
රොෂාන් ද සිල්වා, අරෝෂ චන්දිම, චරිත් නිෂාන්ත සහ කණිෂ්ක රෙජිනොල්ඩ් එසේ රිමාන්ඩ් කරනු ලැබුවෝ වෙති.

