අලුත් අවුරුද්ද සමරමින් නටමින් ගයමින් වයමින් සිටි පිරිසක් සමග කොළඹ හිල්ටන් හෝටලයේ පිහිනුම් තටාකය අසල ඉදි කළ වේදිකාව කඩා වැටීම සම්බන්ධයෙන් කිහිප දෙනකුගෙන් ප්‍රශ්න කර කටඋත්තර ලියා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
වේදිකාව කඩා වැටෙද්දී පන්සියයක් පමණ සිටි බවත්, පනහකට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් පොලිස් හා රෝහල් ආරංචි කියයි.
කොන්ත්‍රාත්කරුවකු ලවා මෙම වේදිකාව ඉදි කරවා ඇත්තේ කැන්ටලූප් ප්ලේග්‍රවුන්ඩ් නම් සංවිධානයයි.
දෙසැම්බර 31 වැනි දා මැදියම් රැයේ දී වේදිකාව කඩා වැටිනි.