පානදුර ජයා මාවතේ තීන්ත කම්හළේ කාන්දුවෙන් කම්හල අවට නිවෙස් අවට පවුල් 30ක් පමණ ඉවත් කිරීමට පියවර ගන්නා බව කෙසෙල්වත්ත පොලිසිය කියයි.
ගෑස් සිලින්ඩරයක් හා නළයක් කාන්දුවෙන් තිනර් වාතයට කාන්දුවී ඇති බවත්, එම වාතය අග්‍රාණය වීමෙන් හුස්ම ගැනීමේ අපහසුව හට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.
මෙම කම්හලේ කාන්දුවෙන් සිය ගණනකට ඇතිවූ හුස්ම ගැනීමේ අපහසුව සොයා ගිය අපේ මාධ්‍යවේදී සිරි මහබෙල්ලනට කම්හලේ සිටි පිරිසක් තර්ජන ගර්ජන කළහ. පහර දෙන්නට උත්සාහ කළහ. ඔහුගේ කැමරාවට හානි කරන්නට තැත් කළහ. ඒ සියලු තාඩන පීඩන මැද්දේ ඔහු සිය රාජකාරිය උපරිම ලෙස ඉෂ්ට කරගැනීමට සමත් විය. මහජනයාට තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරගැනීමට ඔහුට හැකිවිය.
(වීඩියෝ සිරි මහබෙල්ලන)
වීඩියෝ - බිමල් ශ්‍යාමන්





![IMG_4309[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/IMG_43091.jpg)


