තරගයටත් කලින් නරඹන්නෝ දැවී යති.


ශ්‍රී ලංකා එංගලන්ත පස්දින ටෙස්ට් තරගයේ ටිකට් පතක මිල රුපියල් 5000 ක් දක්වා ඉහළ දැමීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීහු වික්ෂිප්ත වී සිටිති. බිම වාඩිවී නොමිලේ බැලීමට තිබූ ස්ථානයේද විදේශිකයන් වාඩිවී සිටිතියි ඔවුහු කියති. ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි ඩේවිඩ් විල්සන් කීවේ හැමදාමත් ක්‍රිකට් බලන්නට ගාලු එන බවයි. වෙනදා රුපියල් 500 ට 1000 ට තරගය නැරඹූ ඔහු රුපියල් 5000 තමන්ට ගෙවන්නට හැකි වුවද එය අසාධාරණ බව කීවේය. මින් මතු ලංකාවේ ක්‍රිකට් බලන්නට නොඑන බව ද කීවේය. ක්‍රීඩාංගණයේ දැලෙහි එංගලන්ත කොඩි ගැටගසා ඇති බැවින් එලියේ සිට තරගය බලන්නට ද හැකියාවක් නැත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ රුපියල් 5000 සහ 7500 බැගින් ටිකට් ඇති බවයි.