ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවන වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලිය තරගකාරිත්වයෙන් තොරව එම සංගමයේ පූර්ණ අධීක්‍ෂණයෙන් පවත්වන බව පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතා පවසයි.
තරගකාරිවය වැඩිවීම නිසා කුඩා දරුවන් විවිධ ශාරීරික ආබාධවලට ගොදුරුවීම ඇතුළු කරුණු කීපයක් හේතුවෙන් වයස 13 න් පහළ සියලූම ක‍්‍රීඩාවල තරග පැවැත්වීම අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යංශය මේ වන විට පියවර ගෙන තිබේ.
”ක‍්‍රීඩකයන් ලියාපදිංචි කර, පාසල් අතර තරග පැවැත්වෙන ආකාරය පෙර පරිදිම සංගමයෙන් නිර්දේශ කරනවා. නමුත් පැවැත්වෙන්නේ තරගකාරිත්වයෙන් තොර නිදහස් තරගාවලියක්”
”මෙම තරගාවලියේ මූලික අරමුණ දිස්ත‍්‍රික් සහ පළාත් සංචිත තෝරා ගැනීමයි” යැයි පාසල් කි‍්‍රකට් ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.
කෙසේ වෙතත් පෙර වසර වල පරිදි සමස්ත ලංකා ජය සංකේත ප‍්‍රදානෝත්සවයක් නොපවත්වා පළාත් මට්ටමින් ජය සංකේත ප‍්‍රදානය කිරීමට ද තීරණය කර තිබේ.
මෙම කරුණුම පදනම් කරගනිමින් වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලිය සඳහා 13 න් පහළ ක‍්‍රීඩකයන්ට ක‍්‍රීඩා කළ නොහැකි බවට කොන්දේසියක් පනවා ඇතැයිද පාසල් ක‍්‍රිකට් සංගමය පවසයි. ඒ අනුව වසර 2013 දී 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියට සහභාගි විය හැක්කේ 1998 සහ 1999 වසරවල උපත ලැබූ ක‍්‍රීඩකයන්ට පමණි.
වයස 15 න් සහ 17 න් පහළ , වැනි සහ II වැනි කොටසේ තරගාවලි මේ මස 25 වැනිදා ආරම්භ වන අතර III වැනි කොටසේ තරගාවලිය ජූනි මස 5 වැනිදා ආරම්භ වීමට නියමිතය.