තඹුත්තේගම පොලිසියට එරෙහිව වීදි බසී


පොලිසියෙන් අත්අඩංගුවට ගත් පිරිසකට වතුර සහ කෑම ගෙන ගිය රාජාංගන ප්‍රාදේශීය සභා සන්ධාන මන්ත්‍රී සමන්ත ජගත්ප්‍රිය මහතාට තඹුත්තේගම පොලිසියේ දී පසුගිය 25 වැනිදා පහර දුන්නැයි කියන සිද්ධියට විරෝධය පළ කරමින් දේශපාලනඥයෝ පිරිසක් තඹුත්තේගම පොලිසියට විරුද්ධව උද්ඝෝෂණයක් පවත්වති.