ඉකුත් 8 වනදා තඹුත්තේගම ඉකිරිවැව ප‍්‍රදේශයේ වෙල් යායකට කඩාවැටුණු පාෂාණ කැබලි ධූම කේතුවක කොටස් විය හැකි බවත් එහි ජීවී විශේෂ සිටින බව පරීක්‍ෂණ මගින් තහවුරු වී ඇති බව තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික‍්‍රමරත්න මහතා පැවැසීය
මෙහි විශේෂිත කඩයටම කාණ්ඩයේ ජීවීන්ගේ ඡායාරූප අන්වීක්‍ෂීය පරීක්‍ෂණ මගින් ලබා ගෙන බකින්හැමි විශ්ව විද්‍යාලයේ තාරකා ජීව විද්‍යා අධ්‍යන අංශයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රම සිංහ මහතාට යොමු කිරීමෙන් අනතුරුව මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රම සිංහ මහතා මෙම ජීවීන් විශේෂීත ඩයටම කාණ්ඩයට අයත් බව තහවුරු කළ බව වෛද්‍ය පරීක්‍ෂණ තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික‍්‍රමරත්න මහතා පැවැසීය
වෛද්‍ය පරීක්‍ෂණ විද්‍යාඥයකු වශයෙන් මා ඇත්තටම මේ විශ්වීය විපර්යාසයන් පිළිබදව ඇලූමිකරණ කෙනෙක් තඹුත්තේගමට වැටුණු මේ උල්කා කොටස් මා පරීක්‍ෂාවට ලක් කලා මෙම පාශාණ වල ඩයටම ජීවි විශේෂ හා තවත් ජීවි විශේෂ ඉන්නවා මා මෙහි තොරතුරු බකින් හැමි විශ්ව විද්‍යාලයේ තාරකා ජීව විද්‍යා අධ්‍යන අංශයේ අධ්‍යක්‍ෂ මහාචාර්්‍යය චන්ද්‍රා වික‍්‍රම සිංහ මහතාට හා නාසා ආයතනයේ භූ විද්‍යාඥ
තාරකා ජීව විද්‍යා අංශයේ ආරමිභක සාමාජික - ඩයටම ජීවී විශේෂ පිළිබද විශේෂඥ රිචඩි හූවර් මහතා දැනුවත් කළා ඔවුන් දෙදෙනා ගේම අදහස වූයේ අරලගංවිල ප‍්‍රදේශයට වැටුණු උල්කා කැබලි වල වෙසෙන ජීවීන්ට වඩා මෙම ඩයටම ජීවි විශේෂය පිළිබද තවදුරටත් පරීක්‍ෂණ සිදුකල යුතු බවයි ඔවුන් දෙදෙනාම වඩාත් උනන්දුවක් මේ පිළිබදව දැක්වීම මම අගය කරනවා
ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රම සිංහ මහතා අදහස් පළ කළේය මෙම පාෂාණ කැබලි අකුණු පාෂාණ කැබලි නොවන බවත් ඉකුත් දවස්හි සූර්යයා අසල ගිනි ගෙන දැවුණ ධූම කේතුවක කොටස් වන්නට ඇතැයි මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රම සිංහ මහතා පැවැසීය වැඩිදුරටත් ඔහු සදහන් කරන්නේ මේ පිළිබද ලාංකික විද්‍යාඥයන් තවදුරටත් උනන්දු විය යුතු බවත්ය
මෙම උල්කා කැබලි වල පරීක්‍ෂණ සටහන් හා මේ පිළිබද වැඩිදුර තොරතුරු වෛද්‍ය පරීක්‍ෂණ තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික‍්‍රමරත්න මහතාගෙන් 071 811 27 86 විමසිය හැකි බව හෙතෙම සදහන් කළේය.